
(යොහාන් භාසුර)
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (5) පැවසීය.
විහාරස්ථාන 2,263 ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුන ද විහාරස්ථාන 2,203 ක පමණක් මධ්‍යස්ථාන ස්ථාපිත කළ හැකි බව කී රත්නායක මහතා කඨින පිංකම් නිසා විහාරස්ථාන 45 ක සහ වෙනත් හේතු නිසා විහාරස්ථන 15 ක ඡන්ද මධ්‍යස්ථාන ඉවත්කිරීමට සිදුවූ බවත් සභාපතිවරයා කීය.
එම විහාරස්ථාන වෙනුවට වෙනත් ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කළ බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd