
(අංජුල මහික වීරරත්න)
නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කිවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැලසුම් නිරීක්ෂණයට ලක් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙමින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු සාකච්ඡා කිරීමටත් එක්වෙමිනි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත්, රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වාගෙන යාම බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එකමත් එක දවසක 2022 පමණ කාලයේ එක්තරා කෙනෙක් ගිහිල්ලා තිබුණා... ඇය කලකට පෙර සේවය කරපු AGA office එකට විභාග ගාස්තුවක් ගෙවන්න. ඉතින් එහේ හිටපු නෝනා මහත්තුරු කියලා තියෙනවා අහවලාගේ ළඟට යන්න කියලා... ඉතින් කියපු කෙනා කවුද කියලා එහේ හිටපු අය නොදන්නා බව පෙන්නුවා. එතැනදී වැඩේ කරන්න බැරි බව පෙනුණු නිසා තැපැල් කාර්‍යාලයට ගිහිල්ලා ඇහුවාම අදාල කාරණයත් නමත් කියන්න කියලා තත්පර ගණනක් ඇතුළත කටයුත්ත කරලා දුන්නා කියලා මගේ හිතවතිය තැපැල් කාර්‍යාල ගැන ඉතාමත් සතුටින් කිව්වා... ඉතින් දැනටමත් තැපැල් සේවය කාර්‍යක්ෂමයි... කියලා කියන්න පුළුවන් තැපැල් සේවයට ජයශ්‍රී ජයවේවා...!