(එම්.සුසිල් ප්‍රියන්ත සහ ජනක් ද සිල්වා)

සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී දිවි තොරකර ගනිමුයි යෝජනා කරමින් දරුවා කෘරත්වයට පත් කරන  පියෙකු ඊයේ(24)  රාත්‍රියේදී කරන්දෙණිය අනුරුද්ධගමදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

දරුවාගේ මව විදේශයක සේවය කරන බව තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි. ඇයට පෙන්වීම සඳහා මෙම වීඩියෝව කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

විදෙස්ගතව සිටින සිය බිරිය මුදල් එවනුයේ ඇයගේ මවට බවත් සැකකාර සැමියාට මුදල් නොඑවන නිසා සැකකරු මේ වීඩියෝව සිය බිරිදට යවා ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.

සැකකරු යැවූ මේ විඩියෝව ඔහු ගේ බිරිය  සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර සිය තුන් හැවිරිදි දරුවා බේරා දෙන ලෙස ඉල්ලා සැකකරු සහ ඔහු සමග ඉන්නා කුඩා දරුවාගේ ලිපිනය සදහන් කර තිබේ.

මෙය සමාජ මාධ්‍ය ජාලයේ සැරි සැරීමත් සමග ලැබුණු තොරතුරුවලට අනුව මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

 මේ නොදරුවාට මේ සැකකාර පියා දස වද දෙනබව ප්‍රදේශවාසීන් තොරතුරු ලැබුණ  බවද පොලීසිය  කියයි.