
(එස් ඩී කොඩිකාර සහ ප්‍රියන්ත දසනායක )
අකුරැස්ස කඹුරුපිටිය මාර්ගයේ නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය ආසන්නයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක් මතට ඔලිගන් රක්ෂිතයේ තිබූ අඩි 80 ක් පමණ උස මිල්ල ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ හෙද නිලධාරීයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යහල වත්තහේන,පණුගහදෙණිය,විල්පිට, අකුරැස්ස ලිපිනයේ පදිංචි කඹුරු පිටිය ආඳපාන මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරියෙකු වූ (50) හැවිරිදි තිදරු පියෙකු වූ කොඩිප්පිලගේ ධර්මසේන නැමති අයකු බව පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ හෙද නිලධාරියා අලුත් අවුරුදු චාරිත්‍ර සිය පවුලේ හිතවතුන් සමග එක්ව සමරා යළි සුපුරුදු රාජකාරී මුරය ඇරඹීමට ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති බව තොරතුරු අනාවරණය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කනගාටුයි