(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10ක් කොළඹ වරායට ඊයේ (4) රාත්‍රී ළගා වූ බවත් මෙම බිත්තර තොගයත් සමඟ බිත්තර ලක්ෂ 40 ක් මේ වන විට ආනයනය කර ඇති බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බිත්තර ලක්‍ෂ 10 බැගින් තවත් තොග ඉදිරි දින කීපයේදී ලැබීමට නියමිත බව කී එම නිලධාරියා සඳහන් කළේ එම සියලු බිත්තර බේකරි නිෂ්පාදනයට සහ හෝටල්වලට පමණක් අළෙවි කරන බවත්ය.
එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව දෙන්න ඕන සාමාන්‍ය පාරිභෝගිකයන්ට . බේකරි කාරයින්ට හෝටල් කාරයින්ට ඕව දුන්න කියල , පිටි මිල ගෑස් මිල අඩු උනා කියල ඔවුන්ගේ නිශ්පාදන වල මිල රුපියලකවත් අඩු කලෙත්, කරන්නෙත් නෑ නේද. රටේ ප්‍රධාන තැන සාමාන්‍ය ජනතාවටද කූට ජාවාරම් කාර මුදලාලිලාටද.
රටේ බිත්තර මිල අඩු වෙලා නැහැ