
(විමුක්ති එස් රුද්‍රිගු)
තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගමේ නවතම ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වී ඇත.
එසේම තනිව සංචාරය කරන්නන් මෙම වසරේදී සංචාරය කළ ජනප්‍රියතම ගමනාන්ත දහය අතර පළමු ස්ථානයද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය.
මීට පෙර ලබන වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට සිව් වෙනි ස්ථානය හිමිව තිබූ අතර නවතම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට එමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාව තරම් විශාල නොමැති වුවත් ඉන්දියාවේ ලබාගත හැකි අත්දැකීම සියල්ලම සහනදායි මිලකට ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට හැකිවීම මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන හතරක් ඉදිරියට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙකුට සමබර අත්දැකීමක් ලබාගත හැකි බවත් වෙරළ තීරයන්, සංචාරකයන්ට මිත්‍රශීලි හෝටල් සහ නිවාඩු නිකේතන, රසවත් ආහාර මෙන්ම තනිව සංචාරය කරන්නෙක් බලාපොරොත්තුවෙන සියලුමදේ ශ්‍රී ලංකාවෙන් සමබරව ලබාගත හැකි බවද ෆ්ලෑෂ් පැක් සංචාරක සමාගම පැවැසුවේය.
2025 වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ජපානය සහ ෆින්ලන්තය හිමිකරගෙන තිබේ. එම ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය ග්වාතමාලාවට හිමිව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපොළට පය ගහපු වෙලේ පටන්. සුද්දන්ව සුද්ද කරන්ඩ බලාගෙන ඉන්න, වටිනා කියන දේවල් හොරකම් කරන, බොරු කියලා රවට්ටන, ගසා කන, තනියම ගමන් බිමන් යන ගැහැණියක් නම් දූෂණය කරන අය තමා ලන්කාවේ ඉන්නේ. දන්නා නිසයි කියන්නේ...
ගුවන් තොටුපොළට පය ගහපු වෙලේ ඉඳන් ගසා කන්ඩ බලාගෙන ඉන්න උන්.. වටිනා කියන දේවල් මුදල් පවා හොරාකන, ගමනක් යනකොට වැඩියෙන් ගසා කන, ගැහැණියක් තනිව යනවා නම් දූෂණය කරන අය තමා ලංකාවේ ඉන්නේ? අත්දැකීමෙන් දන්න නිසයි කියන්නේ...