
(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද තුන්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් (පොදු පෙරමුණ) කසිප්පු ස්ප්‍රීතු බෝතල් දෙකක් ද සමග හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හතරලියද්ද පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවෙස ආසන්න ස්ථානයක නීති විරෝධී කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම හිටපු මන්ත්‍රීවරයා නීති විරෝධී කසිප්පු අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහු පොලිසියට කැඳවා එම කටයුත්තෙන් මිදෙන ලෙසට මින් පෙර අවවාද කර තිබූ බව ද පැවැසේ.
එම අවවාද ද නොපිළිගෙන හිටපු මන්ත්‍රීවරයා එසේ කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
හතරලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව නැත්නම් පොදු පෙරමුණ කියන්නෙ කසිප්පු පෙරමුණ තමයි ගම් මට්ටමෙන් කසිප්පු නිෂ්පාදනය බෙදාහැරීම හා විකිණීම කරන්නෙ ඔවුන් තමයි මැතිවරණ අවස්ථාවලදී පොදු පෙරමුණේ නායකයින්ගේ ඡායාරූප බැනර් ආකාරයට සකසා ප්‍රදර්ශනය කිරීම හා නිවෙස්වල එල්ලාගෙන සිටීම ඔවුන් කරන්නෙ හදිසියේ වත් පොලිසිය පැමිණියොත් බේරෙන්න පුළුවන් කියලා පොදු පෙරමුණු සාමාජිකයින්ගේ ප්‍රධාන රැකියා වන්නේ කසිප්පු නිෂ්පාදනය මිස වෙනත් එකක් නොවෙයි
ඔක්කොම ඔහොම උන් තමයි. කාලකන්නි..
ප්‍රාදේශීය දේශපාලකයෝ කියන්නෙම කාලකන්නි ත්‍රාඩයෝ තමයි . කලාතුරකින් හින්ද මිනිහෙක් දෙන්නෙක් ඇති . මෝඩකමයි , හීනමානයයි , චන්ඩිකමයි පමණයි බොහෝ අය ලඟ ඇත්තේ.
ඕක මොකක්ද? දියවන්නාවේ ඉන්න අයට එතනෝල් - කසිප්පු ෆැක්ටරි පිටිං තියෙන්නෙ ...