IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තීන්දුව වෙනස් කරන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

"අන්‍යෝන්‍ය තීරුබදු" ක්‍රමය යටතේ බොහෝ රටවලට පැනවූ තීරු බදු නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ආපසු හරවන ලෙසත්, ඒ පිළිබඳ නඩුව ඉතා ඉක්මණින් විභාගයට ගන්නා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඇමෙරිකානු ආර්ථිකය නව මානයකට යොමු කිරීමට ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය තීරුබදු" ක්‍රමයට හැකියාව ලැබුණු බවද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය.

ෆෙඩරල් අභියනධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර තිබූ අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (0)

තීන්දුව වෙනස් කරන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site