
(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුදවලින් පහරදී බරපතල තුවාල සිදුකල ආවා කල්ලි ප්‍රභලයකු අද (10) දින කඩුත් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
තෙලිප්පලෙයි මාර්ගයකදී ඊයේ රාත්‍රියේ මෙලෙස තියුණු ආයුධවලින් පහරදීම සිදුව ඇති අතර පහරදීම සිදු කළ ආවා කල්ලි සාමාජිකයන් පිළිබඳව ලැබුනු තෙරතුරකට අනුව තෙලිප්පලෙයි අපරාධ අංශ පොලිසිය අද අලුයම විශේෂ වැටලීමක් සිදුකොට ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයකු අධිබලැති එන්ජින් ධාරිතාවයෙන් යුතු පැදි දෙකක් හා කඩු දෙකක් ද සමගින් අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලෙයි ප්‍රදේශයේම සැකකරුවකු වන අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රාත්‍රිකාලයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් සතු අධික වේගයෙන් ගමන්කල හැකි යතුරුපැදිද රැගෙන යන බවටද පවසා ඇත.
සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි
පින් සිද්ද වෙයි ඔබලාට... ඔලුවටම වෙඩි තියලා දාන්න.. ආයුධ හොයන්න එක්කන් ගිහිල්ලා හුරතල් නොකර...