
( සුමිත් පොතුපිටිය)
යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කළ තිදරු පියෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
ඉකුත් (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී 19 හැව්රිදි දුලාංජ හේෂාම් තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.
එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි තිහක පමණ පෙලපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන්ද සංදර්ශන ඉදිරිපත් කර තිබේ.
ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටී තිදරු පියෙකු එයට විරෝධතාව පලකර තිබේ.
එයින් උරණවූ තරුණයන් පනහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් , ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.
ශරීරයේ ස්ථාන රැසකට පහර එල්ලවූ තිදරු පියා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි. වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා කාලයේ නිසි ආහාර පාන නොලැබිමෙන් මන්දපොෂණයට ලක්වෙලා මොලය වර්ධනය නොවුනු අය පසුකාලිනව වැඩිහිටියන් බවට පත්වෙලා යම් යම් ආකාරයට මුදල් උපයාගෙන ශරිර ශක්තිය හා දේපොල උපායා ගත්තද තමන්ට නිසි කල අහිමිවු මොලය වර්ධනය අත්පත් කර ගැනීමට නොහැකිවු නිසා මන්ද මානසික තත්වයකට පත්වෙන බව බුද්ධිමතුන්ගේ මතයයි. ඒවගේ පිරිස් අපේ රටේ බොහො තැන්වල මෙවැනි මුග්ධ ආකාරයට හැසිරෙන බව පෙනේ.
අංකල් ඉල්ලන් කාලා වගේ…
2000 න් පස්සෙ එවුන් බහුතරය මන්දමෝල් ජීවීන් ටිකක්. තව වසර 30 ක් විතර යනකොට ලංකාව කොහොම වෙයිද කියල හිතාගන්න බෑ
බූරුවො
2000 න් පස්සෙ ගොඩක් අයගෙ නහරයක් වැඩියි. සාමාන්‍යයෙන් මොලේ ටිකක් පුංචියි.
"පිටිගල මිලානෝ" කියන අමන මෝඩයාටයි ම මේ කියන්නනේ... බූරුවෝ, මේ ඇත්ත ඇති හැටියෙන් දැකපන්...තෝ, අංකල් කෙනෙක් වෙන්නැද්ද ....? තොත් "උණ" තියෙන බයික් නහරයෙක්ද...?
මුං එකෙක් අල්ලලා හිරේ දැම්මා නම්, අනිත් එවුන්ගේ නහර ඉබේම හරි යනවා.
මෙයා ගැන අපි නොදන්නවයෑ...!
ඔය කට්ටියට අවවාද දෙනවට වඩා හොඳයි... ඔවුන් වෙනුවෙන් මිනී පෙට්ටි සාප්පුවක් දාගන්නවා..
ලොකුම වැරැද්ද ඔය පිළිකුලෙන් බලා සිටින පිරිසයි. වැරැද්ද දුටු තැන වහාම සංවිධානය වෙලා නවත්තන්න කියලා.. බැරිනම් හොඳ 2*4 පොලුවලින් නැවැත්තුවා නම් ඕක හැදෙනවා... කොන්ද පණ නැති සමාජයක මේ වගේ හරක් රඟනවා.