IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තදබදයෙන් බන්ධනාගාර පුපුරයි

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගොඩනැගිලිවල ඇත්තටම මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්වයක්  පවතින බව අධිකරණ   ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගාරවල  දැරිය නොහැකි පිරිසක් රඳවා සිටින බවද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර ලොකු කර වැඩක් නැති බවත් එතනින් එළියට යන වැඩපිළිවෙලක්ද  සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම මහාධිකරණවලින් ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර  බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්  සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

එම ගණන 3,557ක් පමණි.  එහෙත් එහි  රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රැඳවියන් 625ක් රඳවා තැබිය හැකි කොළඹ මැගසින් බන්ධනාගරයේ දැනට රඳවා සිටින රැඳවියන් ගණන 2,985ක්. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේද රැඳවියන් 2,426ක් රඳවා සිටින නමුත් එම බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් ගණන 385ක් බව  ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (5)

තදබදයෙන් බන්ධනාගාර පුපුරයි

සුරං Saturday, 11 October 2025 10:33 AM

කල්පිටියේ දූපත් දෙක තුනක අධි ආරක්ෂිත බන්ධනාගාර ආරම්භ කරන්න කාලේ හරි. අමතර ආරක්ෂාවට හා පොලිසියේ සහයෝගයට නේවි සහ ආමි භට කාණ්ඩ අනුයුක්ත කළ යුතුයි. අවට පදිංචිකරුවන්ට ෆෝන් ජෑමින්ග් සිස්ටම් වලින් කරදරේකුත් නෑ. ලොකුම අයියලා ටික ගාල් කරන්නත් පුළුවන්...

:       0       20

Gayan Jayasinghe Saturday, 11 October 2025 11:32 AM

ඩීල් එකකට ට්‍රයි කරන බව පේනවා.

:       12       0

සන්මයිමන්Saturday, 11 October 2025 02:27 PM

ඩීල් කියන වචනෙ ඇහෙනකොට මතක්වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය.

:       2       17

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Saturday, 11 October 2025 01:15 PM

මත්ද්‍රව්‍ය, මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වැනි වරදකරුවන් නැතිව, ඔය පොඩි පොඩි වැරදි කරපු එවුන්ටික ජනපති පොදු සමාවක් දීලහරි දොට්ට දාලා, බන්ධනාගාර ටික ඉක්මණින්ම හිස්කර ගන්න. එකක් ඕක රටට බරක්, අනෙක ඉස්සරහට බන්ධනාගාරගත වෙන්න ඉන්න රටකාපු හැතිකරේට ඇතුලත්වෙන්න ඉඩ පහසුකම් දැන්ම ඉඳන් හදලා තියන්න..

:       3       10

පිටිගල මිලානෝ Saturday, 11 October 2025 01:56 PM

අළුතෙන්ම එන්න ඉන්න හොරු සෙට් එකට මරු….

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site