(යොහාන් භාසුර)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20කට අධික ප්‍රමාණයක් තත්ත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම බිත්තර තොගය ආනයන කර සති කීපයක් ගත වී තිබුණ ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තත්ව සහතික නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව කී එම නිලධාරියා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට සති කීපයක් ගතවී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටියෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ, ලෙඩ වසංගත ඉක්මණින් ආවාට ඒවාට විඳවන්න වෙන්නේ පහුවෙලා. මෙයට ඇති එකම විකල්පය දේශීය බිත්තර/කුකුළු කර්මාන්තය මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවාට නිසි පිළිතුරු ලබාදීමයි. මේ රටේ කිරිපිටි, බෙහෙත් ඇතුළු අනෙක් අත්‍යාවශ්‍ය දේවල් පාරිභෝගිකයාව සූරාකෑමට එරෙහිව මේ කියන ආයතන ක්‍රියා නොකරන්නේ ඇයි?
අසූචි නැවේ 2 එක වගේ, අන්තිමට එක බිත්තරයක්වත් පරිභෝජනයට නොගෙන විසික්කරලා එවපු අයට වෙලාවට සල්ලි ටික ගෙවයි...
කතාව නම් කෘතිම බුද්ධියද, නැනෝ තාක්ෂණයද අරවාද මේවාද? හැබැයි ගෙනාපු බිත්තර ටික කුණු වෙනකල්ම රඟනවා. චෙක්කරලා මාර්කට් එකට දාගන්න බෑ කලට වේලාවට...! ඔය තාක්ෂණේ රෝල් කරලා... එක්කෝ ඕනෑ නෑ.
මේ ප්‍රමාදය පිටුපස ජෙප්පො ඇති.