
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර තිරුක්කෝවිල් සංගමන්කන්ද උමරි තොටුපොල ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදහන්වි ඇති බව තිරුක්කෝවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් සදහන් කළේය.
පස්වරු හයට පමන පියා තම පහලොස් හැවිරිදි පුතා සහ ඥාති පුතකු සමග දිය නෑමට ගිය අවස්ථාවේ රළ පහරකට හසුව ගසාගොන ගොස් තිබේ.
පසුව අවට පිරිස් විසින් මේ පිලිබදව පොලිසිය හමුදාවට දැනුම් දි ඇති අතර මේ වෙනවිට නාවික හමුදාව යුද හමුදාව සහ පොලිස නිළධාරින් සහ ගම්වැසියන් එක්ව බොට්ටු යොදා ගෙන සෙවිමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ සංගමන්කන්ද උමරි තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි මයිල්වානගම් නන්දරාජ් 38 සහ ඔහුගේ පුතාවන 15 හැවිරිදි නන්දරාජ් සදිස්කුමාර් සහ ඥාති පුතකු වන 17 හැවිරිදි විද්‍යාකරන් ඩිලුෂන් යන අය බව විමර්ශණ පවත්වන තිරුක්කෝවිල් පොලිස් නිළධාරින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd