
(යොහාන් භාසුර)
ඉන්දියාවේ තුත්තුකුඩිය වරායෙන් පැටවූ සහල් මෙට්‍රික්ටොන් 10,000 කට අධික තොගයක් කොළඹ වරායට ළගාවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ආනයනකරුවන් රැසක් ඇනවුම්කර සෙසු වරායවලින් පැටවීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 20,000 කට අධික ප්‍රමාණයක් මේ මස 13 වැනිදා වන විට කොළඹට ළඟාවීමට නියමිත බවත් නත්තල් උත්සවයට පෙර තවත් සහල් මෙටි්‍රක්ටොන් 20,000 ක් පමණ මෙරටට ළගාවන බවත් මෙරට ප්‍රධාන සහල් ආනයනකරුවෙක් පැවසීය.
කොළඹ වරායට මේ වන විට ළගාවී ඇති සහල් තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් එම තොගය හැකි ඉක්මණින් නිදහස් කරගෙන වෙළෙඳපොළට නිකුත් කරන බවත් එම ආනයනකරු කීය.
මෙම සහල් තොගයට නාඩු සහල් ඇතුළු විවිධ සහල් වර්ග ඇතුළතව ඇති බව එම ආනයනකරු වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හාල් නැහැ... හාල් නැහැ කියලා වැලපුණු බයියන්ට දෙවියන්ගේම පිහිටයි.
අද්භූත අරවින්දයා නැවත ගොඩ බැස ඇත. කොහේද මචෝ මෙච්චර දවසක් හිටියේ. තූත්තුකුඩි ගිහිල්ලා. හාල් ගේන්න...
නැවතත් කියන්නේ රජය සතුව වී ඇටයක් හෝ තබාගෙන රටේ සහල් මිල පාලනයට කිසිඳු වැඩපිළිවෙළක් නොකළ පසුගිය රජයන්ට සහයෝගය දුන් සමහර අය මෙහි නඟන අඳෝනා සාවධානව අසා සිටින්න. සහල් පොල් හිඟයේ නිර්මාතෘවරුන් හිටපු රජයන්ය.. මෙම රජය ඒ සඳහා යොදන විසඳුම් සමච්චලයට ලක්කරනුයේ නම් එය ඔවුන්ගේ බුද්ධිය සම්බන්යෙන් ඇති ප්‍රශ්නයකි..
සෙනෙවිරත්න පෙර ආන්ඩු ගැන කතා කරන්න ඕනෑ නැහැ. ඒ අයට කරන්න බැහැ කියලානේ මේ අය ලොරි TALK දුන්නේ... හරියට ඇලඩින්ගේ පුදුම පහන අරගෙන එනවා වගේ. දැන් කයිවාරු ඕනෑ නැහැ වැඩ පෙන්නන්න. ඒ ඇති...!