
(පද්මසිරි ගාර්දියවසම් )
තණමල්විල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසැල් දැරියක් ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසැල් සිසුන් තිදෙනකු ද ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
වින්දිත දැරිය තණමල්විල පොලිසියට ලබා දුන් ප්‍රකාශයක් අනුව ලුණුගම්වෙහෙර පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු මෙම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .
සැකකාර සිසුන් වින්දිත පාසැල් දැරියගේ මිතුරන් වන බවත් ඉකුත් අප්‍රේල් මාසයේදී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ විදුහලක පැවති බක්මහ සැණකෙළියක් නැරඹීමට පාසැල් දැරිය පැමිණි විට සැකකාර සිසුන් තිදෙනා ඇය පාසැල තුලදීම ලිංගික අපයෝජනයට කර ඇති බවත් උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය .
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 16, 15 වයසේ පසුවන අයවෙති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොහේ ඉන්නවද දන්නේ නෑ ?