
(සනත් ගමගේ)
තණමල්විල දැරිය පිරික්සූ හම්බන්තොට මහ රොහලේ වෛද්‍යවරයා සම්බන්දයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් හා රෝහල් මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
පිරිමි ළමයි දාහත් දෙනෙකු අතින් වරින් වර ලිංගික අතවරයට ලක් වූයේ යැයි කියන තණමල්විල පාසලක දැරියක් වෛද්‍ය පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කිරිමෙන් පසුව දැරිය පරීක්ෂා කල වෛද්‍ය වරයා දැරිය බිය වද්දවා , නොමනා හැසිරීම් සිදු කිරිමක් මත ඇය සිය දිවි හානී කර ගැනීමකට තැත් කලායැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් දැරියගේ මව විසින් කරන ලද පැමිනිල්ලක් මත සෞඛ්‍ය දෙපාර්තු මේන්තුවේ උපදෙස් යටතේ මෙම අපක්ෂපාති පරීක්ෂනය රෝහල අභ්‍යයන්තරයෙන් පවත්වන බවත්, දෙපාර්තු මේන්තු මට්ටමින් වෙනමම පරීක්ෂණයක් සිදුකරගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂ වරිය සඳහන් කළාය.
වින්දිත දැරියගේ වෛද්‍ය පරීක්ෂන කටයුතු අපක්ෂපාති ලෙස සිදුකිරිම සඳහා තණමල්විල දැරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවීමටද අවශ්‍ය කටයුතු සකස් කර ඇති බවද අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තණමල්විල දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක්
Janaka Wednesday, 14 August 2024 09:17 PM
අසහන කාරයෙක්...
NWS KUMARA Thursday, 15 August 2024 07:36 AM
මෙයාලත් දැන් හරියටම කරන්නේ පරීක්ෂණ විතරයි
sam Thursday, 15 August 2024 07:47 AM
මොහු වෛද්‍ය වෘර්තිකයන්ට අගෞරවයක් .මහපාරේ ඉපදිච්ච එකෙක් . මානසික විකුර්ති කාරයෙක්
NWS KUMARA Thursday, 15 August 2024 02:22 PM
මෙයාලා දන්නේ වර්ජනය කරන්න විතරයි