(හේමලතා ඩී හේවගේ )
තංගල්ලේ සුද්දා නැමති පාතාල සාමාජිකයකු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ මාකඳුර, මැදිරිවෙල ප‍්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා විශේෂ බලකායේ සේවය කර ඉවත්වී ඇති 37 වියැති මෙම පුද්ගලයා හොරණ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මිනීමැරුම් තුනකට හා බෝම්බ ළඟ තබාගැනීමේ සිද්ධි රැසකට වරදකරුවකු වකු බව පොලීසිය සඳහන් කරයි .
මෙම පුද්ගලයා ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරයකු ඝාතනය කිරීමට පැමිණ ඇති බවට සැක කරන අතර ඔහුට නවාතැන් සැපයු බව කියන පුද්ගලයාද මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්සණ අරඹා තිබේ.
සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කාලේ! නිදහස් වේවි කියල හිතෙනවා!