(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)

තංගල්ල විතාරන්දෙනියේදි ඉකුත් 16 වැනි දින රාත්‍රී පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරුට අයත් බව කියන ඉදිකරමින් යන හෝටල් ගොඩනැගිල්ලට හා සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ නිවසට කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි තංගල්ල පොලීසිය පවසයි.

ගිණිතබන ලද හෝටලය හා නිවස පිහිටා ඇත්තේ ඝාතනය වූ පෙලිස් නිළධාරියාගේ නිවසට ආසන්නයේ ය.

ගින්නෙන් ප්‍රධාන සැකකරුගේ හෝටලයේ බිම් මහලට හා දොර ජනෙල් වලට හානි වී තිබූ අතර ශීතකරණයද ගින්නට හසුව තිබුණි.සැකකාර කාන්තව ජීවත්වු නිවසේ වහලයේ කොටසක් ගිණ්නට හසුව විනාශ වී තිබුණු අතර ගින්න නිවාසය ඇතුළටද පැතිරී ගොස් ඇත.