(අංජුල මහික වීරරත්න)
කූඨ වෙළඳුන්ගේ ග්රහනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා තොග වෙළඳාමට අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
සමහර වෙළෙඳුන් හිතුමතයේ භාණ්ඩ මිල ඉහල දමමින් කටයුතු කරන අතර රට වසා දැමීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇතැයි අමාත්‍යවරයා කීය.
තොග වෙළෙඳාම නිසි ලෙස පාලනයකට ගතහොත් වෙළෙඳපොල යාන්ත්‍රණය යම් ආකාරයකට පාරිභෝගිකයාට පහසුවන ලෙසට මෙහෙයවීම ද සිදුකළ හැකිවේ යැයි විශ්වාස කරන බවද වාසුදේව නානායක්කාර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමනි, මෙය එළවළු සඳහාද ක්‍රියාත්මක විය යුතුයි. ගොවීන්ගෙන් තුට්ටු දෙකට මිලට ගන්නා එළවළු පිට පළාත්වල අලෙවි වන්නේ දස ගුණයකටත් වඩා වැඩිමිලට. ජනතාව ගසා කෑම සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් හෝ සොයා බලා සහන සැලසීමට පියවර ගත යුතුයි. අදාල අංශ සහ බලධාරීන් ඇස් කන් පියා සිටිය හොත් සෑම දෙයකින්ම සීනිවලින් කළ ගසා කෑම විය හැකියි. ඇමතිතුමනි, මෙවන් ව්‍යවසනකාරී කාලයක ගසා කන්නවුන්ගෙන් බේරා ගැනීම පිණිස ජනතාවට අවශ්‍ය එළවළු, ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ කටයුතු යුද හමුදා සහායෙන් සිදු කිරීමට රජයට යෝජනා කරමු...
ආයිමත් සමාජවාදී කඳවුරු හදලා පෝලිම් යුගයට දූෂිත රාජ්‍ය ඒකාධිකාරයට යන්න ඕනෑවෙලා වගේ. තරුණ පරපුරට ඉඩදීලා අයින් වෙලා යන්න. නැතිනම් ඔය වගේ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ඉතිරි වී තරුණ පරපුර රට හැරයාම නියතයි.
කෝ දෙනවා කිව්ව වතුර? එනකොට කිව්වේ රටටම වතුර දෙනවා කියලා.., දැන් කරන්නේ වෙන මගුලක්..
වයසට කියවන එව්වා තමයි... ගෙදරට වෙලා ඉන්නේ නැතිව...
අර්තාපල් , ලුණු, වී සහ එළවළු සියලුම නිෂ්පාදන පරිගණක ගත කරන්න කල්පනා කළා නම් මේවා ප්‍රශ්න නොවේ නේද? ආර්ථික මධ්‍යස්ථාන වලට එන ප්‍රමාණ සහ මිල ගණන් යාවත්කාලීන කර සියලු මිලගණන් සහ ප්‍රමාණයන් පරිගණක යෙදවුමක් මගින් ඒ මොහෙතේම රටේ ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් හැදුවා නම් කොච්චර හොඳද? රටට අානයනය කරන භාණ්ඩ සහ ලැබීමට තියෙන භාණ්ඩ එම යෙදවුමේම සඳහන් කරා නම් කොච්චර පහසුයිද?. මේ සඳහා කෝටි ගාණක් මුදල් යන්නේ නැහැ. ලංකාවේ ඇතුළතම ඕනෑතරම් සමාගම් ඉන්නවා මෙවැනි යෙදවුම් නිර්මාණය කරන. කෘෂිකර්ම නිලධාරීන් දහස් ගාණක් ඉන්නවා. පරිගණක දහස් ගාණක් තියෙනවා. ගමක පාරකට යටකරන මුදලකින් රටේම තියෙන මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. එ්ත් ඕනෑකමක් නැහැ. නැත්නම් තේරෙන්නේ නැහැ. නොසැලකිලිමත් කමින් හැමදාම රටේම මිනිසුන් දුක් විඳිනවා...
සම්පූර්ණ ඇත්ත . අපි එදා ඉඳල කියන්නේ ඔය ටික තමා.
සතොස ජාලය රට පුරා තව දුරටත් පුළුල්ව ව්‍යාප්ත කල යුතුයි.
මේ වසංගතේ ගමේ පොඩි කඩේ එකාගේ සිට මහ වෙළෙන්දා දක්වා මාර සූරාකෑමක් කන්නේ...