(අංජුල මහික වීරරත්න)
මෙරට තේ වගාවේ අස්වැන්න පස් ගුණයකින් ඉහළ නැංවීමට අධි ඝනත්ව වගා ක්‍රමය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධි ඝනත්ව වගා ක්‍රමය මෙන්ම තේ වගාවේ නව තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකි බව සංවර්ධන අධිකාරිය පවසයි. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙලාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වුවද මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහල අස්වැන්නක් ගැනීමට හැකි බවද එම අධිකාරිය කියයි.
එමෙන්ම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි වන නිසා
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තේ ආදායම පස් ගුණයකින් වැඩි කරන ක්‍රමයක් ‘
sam Sunday, 19 November 2023 11:23 AM
මේ පුවත පලකරන්න තිබුනේ "දෙයියෝ සාක්කි" විහිළු කතා කොලමේයි.
තෙපානිස් Sunday, 19 November 2023 12:55 PM
අධිගණත්ව ක්‍රමය කියන්නේ පැල සිටුවීම කරද්දී පැල අතර පරතරය කීයද? පේලි අතර පරතරය කීයද? කියලත් කිව්වොත් නේද හොඳ? ඒ ගමන්ම කියන්න එක් වරකට කියන්නේ සතියකටද? නැත්නම් මාසයකටද කියලා එහෙම කළානම් වාර්තාව ඉතාමත් වටිනවා...!
සෙනෙවිරත්න Sunday, 19 November 2023 06:52 PM
මෙතන තවත් වාසි තියෙනව. ගස් යාවීම ඉක්මන් නිසා වල්පැළෑටි වර්ධනය අඩුවන නිසා නෙලීම් වියදම අඩුවෙනවා. මොනව වුවත් නව තාක්ෂණික තේ වගාවට යෙදීමක් වෙන්නේම නැහැ. මොකද මේ තේ පරීක්ෂක කියලා කෙනෙක් ඉන්නවාද නැද්ද ගානයි. මේ අය සම්ප්‍රදායෙන් මිදෙන්න හරිම අකැමැතියි. මොනවා වුණත් මේවගේ නව අදහසක් මතුවීමත් සතුටක්...!
චිරන්ත Sunday, 19 November 2023 10:07 PM
තේ පරීක්ෂකලා නම් ඉන්නවා ඔවුන්ගෙන් සමහරෙක් කරන්නේ කාගේහෝ හිතවත් කෙනෙකුගේ පැල තවානක තියෙන දළු ලැබෙන වර්ගයක් වේවා නොලැබෙන වර්ගයක් වේවා (දළු අඩු වර්ග වැවීමෙන් පාඩුයි) තවාන් ප්‍රචාරය කරමින් පැල විකිණීම තමයි නව ක්ලෝන හඳුන්වා දෙන්නේ නැහැ.. අවශ්‍ය උපදෙස් දෙන්නේ ඉඩම තමන්ගේ බල ප්‍රදේශයේ තියෙනවා... නම් පමණයි වවන්න කැමැති ගොවීන් එයින් මන්දගාමී වෙනවා. ක්‍රියාකාරී නිලධාරි පිරිසක් යොදා තේ වගාව දිරිමත් කරනවා නම් රටට සේවයක් වෙනවා..!