IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා

( කාංචන කුමාර ආරියදාස )

මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මිතුරා එල්ල කළ පිහි පහරකින් අනෙක් මිතුරා මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑව කලෝගහඇල ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර නිරෝෂාන් මධුසංක කුමාරසිංහ විසි තුන  හැවිරිදි  එක් දරු පියෙකු බව නාඋල පොලිසිය කියයි.

නාවුල නිකුල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට ණයට   ලබා දුන් රුපියල් හැත්තෑ පන්දහසක මුදල ඉල්ලා ගැනීම සඳහා ගිය  අවස්ථාවේ දී  නිකුල ප්‍රදේශයේදී මෙම  ඝාතනය සිදු වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය තරුණයා ගොවිතැන් කරන අයෙකි . ඔහු කුඩා නිවසක  වසර හතරක   කුඩා පුතු සමඟ තනිව ජීවත් වෙන බවත් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රටක ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇතැයි ඥාතීහු කියති.

මිය ගිය පුද්ගලයාගේ මව සඳහන් කළේ   පුතාගේ බිරිද එවූ මුදල් මිතුරෙකුට ලබා දී කාලයක් ගත වී එය   නොදීම නිසා දිවා කාලයේ ගොස් එම මුදල් ඉල්ලා සිටි බවයි.  

 



අදහස් (1)

ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා

Neel Wednesday, 06 August 2025 10:18 AM

ණයට දීමෙන් මුදලත් මීතුරාත් යන දෙකම නැතිවේ. සහතික ඇත්ත..

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site