IMG-LOGO

ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහලට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය නිසා මූඩිස් ආයෝජක සේවාවන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් CA – 02 සිට CA දක්වා පහත හෙලා තිබෙන්නේ යැයිද මේ තත්ත්වය මත රට ඉතා භයානක තැනකට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(24) පැවසීය.

බංකොලොත් තත්ත්වයට පත්කර තිබෙන රට නැවත ගොඩගෙන ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදාකර දිය හැකි වැඩපිළිවෙලක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සතුව බව කී අබෙිවර්ධන මහතා එජාප නායකයාගේ හැකියාවෙන් රටට ප්‍රයෝජනයක් අත්කර දීම සඳහා සියලු පාර්ශව එකමුතුව සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන විසඳුම් සෙවිය යුතු කාලය උදා වී තිබෙන බවද සඳහන් කළේය.

ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීමට ආසන්නතම හේතුව රජය විසින් විදෙස් ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය බව කී ⁣එජාප සභාපතිවරයා රජය ගත් ණය ගෙවීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් 18 වැනිදා බවත් ජාත්‍යන්තර බැදුම්කර ගෙවීමක් එදින ගෙවීමට නියමිතව තිබූ බවත් පැවසීය.

 



අදහස් (0)

ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site