
(විමුක්ති එස් රුද්‍රිගු)
ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා කඩිනමින් අවසන් කිරීම සඳහා "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" නම් විශේෂ වගන්තියක් සාකච්ඡා මේසයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගැනීමට ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දීර්ඝ වීම නිසාවෙන් අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති නිසා මෙසේ විශේෂ වගන්තියක් ගෙන ඒමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇතැයි පැවැසෙයි.
ශ්‍රී ලංකාවේ සියයට 52 ක ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණයකට හිමිකම් කියන චීනයට විශේෂ සැලකිල්ලක් ලැබේ වී යැයි අනෙකුත් ණය හිමියන්ට තිබෙන සැකය "ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" නම් විශේෂ වගන්තිය මගින් දුරු වන බවත් එමගින් චීනයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකිරීමට එකඟ වෙන ණය හිමියන්ටද චීනයට ලැබෙන සැලකිල්ලම ලැබෙන බවට තහවුරු වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
එසේම ණය ප්‍රතිව්‍යුගතකිරීම ප්‍රමාද කිරීමෙන් තමන්ට වාසිදායක ගිවිසුමකට එළඹීමට හැකි වෙතැයි ඇතැම් ණය හිමියන්ට තිබෙන බලාපොරොත්තු නැති කිරීමටද මෙම විශේෂ වගන්තිය උපකාරී වන බව පැවැසෙයි.
"ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ණයහිමියන්" විශේෂ වගන්තිය ශ්‍රී ලංකාව ගෙන අවොත් චීනය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියකදී මෙම වගන්තිය ගෙන ආ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ණය ප්‍රතිව්‍යුහගතකිරීම කඩිනම් කරගන්න ලංකාවෙන් විශේෂ වගන්තියක්
Asela Monday, 12 December 2022 06:52 PM
හිඟන්නන්ගෙන් ගන්න පුළුවන් කමක් නැහැ.