IMG-LOGO

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මෙි වන විට ධනාත්මක සහ සුබවාදී පසුබිමක් අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර  සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

 චීන අග්‍රමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බව  “බ්ලූම්බර්ග්” පුවත් සේවය වාර්තා කර තිබිණැයි ද ජනාධිපති කාර්යාලය කියයි.



අදහස් (0)

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site