(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ සැමීබියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම සඳහා තමා විසින් නැවත නැවත කරන ලද ඉල්ලීමට චීන පාර්ශ්වයෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.
ජෝර්ජිවා මහත්මිය, ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ප්‍රධානීන් පසුගිය දා චීනයේ අන්හුයි පළාතේ දී චීනයේ මහජන බැංකුවේ, චීනයේ මුදල් අමාත්‍යාංශයේ, එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීහු සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd