
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ.
මෙම තත්වය හේතුවෙන් මේ දක්වා අදාල ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයත් එකයි, මෙයත් එකයි... ලෝකෙටම ණයකාරයෝ... මහජනතාවයි තවත් තැලෙන්නේ...
අර මහින්දානන්ද, ඇමතියා චීන අසූචි නැවට ගෙවපු ඩොලර් මිලියන 48.5න් 6 ඉල්ලලා දුන්නානම් ගෑස් දෙයි... අනේ මෙහෙම ආණ්ඩුවක්...
මෙච්චර ණය වන්න අපිට ගෑස් දීලා තියෙන්නේ නිකන්ද?
මොනවද මේ වැඩ? අපිට ඔය ගෑස් ගොඩබාන්න බැරි හේතු අදාලම නෑ. අවශ්‍ය වෙන්නේ පාරිභෝගිකයාට ගෑස් පමණයි. මේ වැඩේවත් හරියට කරගන්න බැරිද? දරලිපේ උයාගත් අපට ලේසිය, පහසුව සඳහා ගෑස් පුරුදුකලේ කුමකටද? පිටරටින් එන දේ සපයන්න බැරිවුණාම පාරිභෝගිකයා ලොකු අමාරුවක වැටී ඇත...
තෙල් ගන්නකොට ගෑස් ගන්ට සල්ලි නෑ. ගෑස් ගන්නකොට තෙල් ගන්ට සල්ලි නෑ. ඒ අස්සේ ජනාධිපති දැඩි තීරණ ගන්ට දඟලනවා.
ජනාධිපතිතුමනි, කරුණාකර බොරු නොකියා ඉවත් වෙන්න. ගජමිතුරු කල්ලිය සමග ගෙදර යන්න. එහෙම කළොත් විදේශ ශ්‍රමිකයෝ, ආයෝජකයෝ බිය නොමැතිව ලංකාවේ ආයෝජනය කරන්න පැමිණෙනවා. ඔය ප්‍රශ්න ටික නිකන්ම විසඳෙනවා.