(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් එයට ණය හිමියන්, ණය ලබාගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජී20 සමුළුවේ සභාපතීත්වය එයට සහභාගී විය යුතු බව ජෝර්ජිවා මහත්මිය පෙන්වා දී තිබේ.
පසුගිය දා චීන බාලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් පසුව දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වෙතැයි අපේක්ෂා ඉහළ ගිය බව ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.
ණය සහන ක්‍රියාවලිය සාධාරණ එකක් කිරීම සඳහා පුද්ගලික ණය හිමියන් සහ බහුපාර්ශ්වික නියෝජිත ආයතන ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල ණය යම් ප්‍රමාණයක් කාප්පාදු කිරීමට එකඟ විය යුතු බව චීනය තර්ක කර තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ණය ගැන කතා කරන්න චීනය කැමති වේ
ravin Saturday, 17 December 2022 11:20 AM
ඒකටත් අපේ අයියලා අතයටින් ගාණක් ඉල්ලයිද දන්නේ නැහැ...