
(කුෂාන් ජයවර්ධන)
දඹුල්ල බකමූණ මාර්ගයේ 14 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ඩිෆෙන්ඩරයක් මාර්ගයෙන් ඉවතට පැන හෙළකට පෙරැළී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම ජීප් රථයේ සිට ඇත්තේ එම ජීප් රථය පදවාගෙන පැමිණි බව කියන තරුණයා පමණක් වන බව ද පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන බව කියන අවුරුදු 19 හැවිරිදි වියෙහි පසුවන කොළඹ ප්‍රෙද්ශයේ පදිංචි තරුණයෙකි.
අනතුරට පත්ව හෙළට පෙරළී තිබූ ජීප් රථය දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් යළි ගොඩට ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නා ඔයට සම්බන්ධ වාහනයක් නම් වාහනේ බේරුනොත් ඇති
අහිංසක ජනතාව අමාරුවෙන් උපයන විදේශ විනිමය. කාලකන්නි විනාශ කරනව. ඔය වාහන ගේන්න යන විදේශ විනිමය පෙරලල විනාශ කල එකා කවදාවත්ම උපයන එකක් නෑ.
වයස 19 යි කියන්නේ අද ඊයෙ ලයිශන් අරන් වැඩ පෙන්නන්න යන පොඩි එකෙක් වෙන්න ඇති...!