IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඩිෆෙන්ඩරය ගසක හැපී සෙබළු පහක් රෝහලට

(නිමල් ජයරත්න)

අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර්  රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළුන් දෙදෙනකු පොළොන්නරුව රෝහලටත්, ඉතිරි තිදෙනා මනම්පිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

මහඔය ප්‍රදේශයේ පුහුණු පාඨාමාලාවට ගොස් ආපසු මින්නේරිය බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ සිදුකර මනම්පිටිය පොලිසියේ සඳහන් කරයි.

මෙම අනතුරට හේතුව රියදුරට නින්ද යෑම බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (2)

ඩිෆෙන්ඩරය ගසක හැපී සෙබළු පහක් රෝහලට

ලුම්බිණි Wednesday, 21 May 2025 10:35 AM

නින්ද යන්නේ නැතුව වාහනයක් එලවන්න හමුදාවෙන් පුහුණු කරලා නැද්ද ?

:       0       0

ලහිරු Wednesday, 21 May 2025 03:11 PM

දැන් මේකට මාට්ටු වෙන්නේත් මාව. නිදාගත්තු කෙනා නෙමෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 20530 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18092 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10832 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 520 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 157 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site