(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලබන බවත් එහෙත් ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් පමණක් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

පසුගියදා ඉන්ධන මිල වැඩි කිරීමෙන් පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වලින් ලබන පාඩුව පමණක් පියවා ගැනීමට කටයුතු කළ බවත් ඩීසල්වලින් වන පාඩුව පියවා ගැනීමට නම් ලීටරයක් රුපියල් 120 කින් මිල ඉහල දැමිය යුතු බවත් විජේසිංහ මහතා කීය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 තොගයක් ආනයනය කිරීමට මීට පෙර වැය වූ ඩොලර් මිලියන 32 මේ වන විට ඩොලර් මිලියන 51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කී සුමිත් විජේසිංහ මහතා පැරණි මිලට තවදුරටත් ඉන්ධන අලෙවි කළේ නම් ඛනිජ තෙල් සංස්ථාව මෙම මස රුපියල් කෝටි 2600 ක් පාඩු ලැබීමේ අවදානමක් තිබූ බව ද සඳහන් කළේය.