(යොහාන් භාසුර)

ඩීසල් සහ ගුවන් යානා තෙල් සහිත නෞකාවක් නිදහස් කරගැනීමට නොහැකිව දින හතරක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නතර කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් අද (16) පැවසීය.

එම නෞකාව තුළ ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙටි්‍රක්ටොන් 20,000 බැගින් ඇති බව කී එම නිලධාරියා එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50 කට ආසන්න මුදල ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.

එම නෞකාවට දිනක ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් 19,000 ක් ගෙවිය යුතු බවත් ඩොලර් ප්‍රමාදය නිසා තව දුරටත් රඳවාගැනීමෙන් ප්‍රමාද ගාස්තුව විශාල මුදල් බවට පත්වන බවත් එම නිලධාරියා කීය.