(සුජිත් හේවාජුලිගේ )

ජනතාව තවදුරටත් සීමාවකින් තොරව ඩීසල් රැස් කිරීමට කටයුතු කළහොත් ඩීසල් හිගය උග‍්‍ර වී එය පාලනය  කළ  නොහැකි තත්වය පත්වනු ඇතැයි  බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

ඩීසල්  අනවශ්‍ය ලෙස රැස්කිරීම නොකරන්නැයි ද ඇය ඉල්ලීමක්  කළාය .

ඉන්ධන ආනයනය පිළිබඳ අර්බුදයක් තිබුණද අද වන විට එම ඉන්ධනආනයන කටයුතු අවශ්‍ය තරමින් කරගෙන යන බවද  ඇය සඳහන් කළාය.