(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී නිදහස ජනතා සභාව ලෙස සංවිධානගතවී සිටින ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 13 දෙනාගේ කණ්ඩායමද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
දේශපාලන අතකොළුවලට සහ හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා තෙක් අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
මහවැලි අධිකාරිය යටතේ පැවතුණ අධි සංවේදී භූමි භාගයන් අයවැයේ එක වගන්තියකින් මෙලෙස විවිධ ජාවාරම්කාර කණ්ඩායම් අතට පත්වීමෙන් ජාතික ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් මතුවන බව චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd