IMG-LOGO

ඩලස් ඇතුළු 13නේ කණ්ඩායමත් අයවැයට විරුද්ධයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී නිදහස ජනතා සභාව ලෙස සංවිධානගතවී සිටින ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 13 දෙනාගේ කණ්ඩායමද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

දේශපාලන අතකොළුවලට සහ  හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා  තෙක් අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බවද  ඔහු සඳහන් කළේය.

මහවැලි අධිකාරිය යටතේ පැවතුණ අධි සංවේදී භූමි භාගයන් අයවැයේ එක  වගන්තියකින් මෙලෙස  විවිධ ජාවාරම්කාර කණ්ඩායම් අතට පත්වීමෙන් ජාතික ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් මතුවන බව චන්න ජයසුමන මහතා වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.



අදහස් (0)

ඩලස් ඇතුළු 13නේ කණ්ඩායමත් අයවැයට විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site