(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (27) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (27) 191.99 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරි අද ඩොලරයක විකුණුම් අගය රුපියල් 191.99 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.10ක් ලෙසත් දැක්විණි.
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 26.09ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 26.04ක් ලෙසත් දැක්විණි.
( 055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජය තිබුණු කාලයක නම් බන්දුල මහත්තයෝ මොනවා නොකියයිද? බන්දුල මහත්තයෝ දැන් මොකද කියන්නේ?
කෝ මේ ... හොර ආර්ථික විද්‍යා ඔස්තාර්?
ඩොලරය ඉල්ලීම නවතාා දමමු. ආණ්ඩුව ද ඇතුළත්ව ආනයනකරුවන් එහෙම කළොත් ඩොලරය නිකන්ම බැස්සවිය හැකිය. මෙසේ කිරිීමට අපෙ ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතුයි.
හරිම පුදුමයි. සියලුම අත්‍යාවශ්‍ය ආනයන නතර කරලා තියෙද්දිත් විදේශ විනිමය වැඩියෙන්ම වියදම් වන බොරතෙල් මිල බැහැල තියෙද්දිත් ඇමෙරිකානු ආර්ථිකයටත් කොරෝනා අර්බුදය නිසා හානි සිදු වෙද්දීත් ලංකාවේ රුපියල වේගයෙන් පල්ලම් බහිනවා. මේකෙන් තේරෙන්නේ සංචාරකයන් ගෙන් දිනපතා ලැබුණු ආදායමේ වටිනාකම, මේ රටට ආදරේ නම් මේ රටට එන සංචාරකයන්ට ගෞරවයෙන් සලකන්න. කොහොම නමුත් අපේ රට දරුණුම ආර්ථික අර්බුදයක වැටිලා තියෙන්නේ. මේක කටුනායක ගුවන්තොටුපොළ ප්‍රහාරයෙන් රටේ වර්ධනය ඝෘණ වුනාට පස්සේ පළමු වතාවට ඝෘණ අගයක් වෙන්න පුළුවන්. අත්‍යාවශ්‍ය නොවන ආනයන සහ ආනයිනික ද්‍රව්‍ය මිලදී ගැනීම නවත්වන්න. පක්ෂ භේද අමතක කරලා අමාරුකමෙන් ගොඩ එන්න ඕන. රජයේ වගකිව යුත්තන්ද දැනගන්න ඕන කැපවීමක් කරන්න. මහජනයාට ආදර්ශයක් දෙන්න.
ඇමරිකාවේ ආර්ථික තද හානියක් පවතින වෙලාවේ ඩොලරය පමණක් ඉහළ යන්නේ කොහොමද ?කවුරු හෝ උත්තර දෙන්න.
ඩොලරය ඉහළ ගිහිල්ලා නොවෙයි රුපියල පහළට වැටිලා කියලා නේද මේ කියන්නේ.. හෙඩිම විතරක් කියවලා ඔලුව අවුල් කරගන්න එපා.