(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඩොලර් බිලිනයක් වන ණය මුදලින් සහල්, සීනි ඇතුළු අතශ්‍යවශ්‍ය ආහාර කීපයක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගි වී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ එම ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි ගණනට කෑම බීම ටික ඉන්දියාවේනේ..!
කපුටාස් කොච්චර කෑවත් කුසගින්න යන්නේ නැතිලුනේ... අන්න ඒ වගේ තමයි. කොච්චර ණයට ගත්තත් ඇතිවෙන්නෑ...
ණයට අත්සන් කර ගිවිසුම හුවමාරු කරද්දී ඉන්දීය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලොකු සිනාවකින් සිටියදී ආටිගල ලේකම්වරයාගේ මුහුණ මලානිකව තිබුණේ මෙම ගිවිසුම රටට කොඩිවිනයක් නිසාද..?
උගසට තබා මගෙ රට පිට රටුන් හට..., ලොව බලවතුන් අභිමුඛයේ දණින් සිට.., හිඟමන් යදිමු සාගින්දර නිවන්නට.., එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට...
මුදල් ඇමැති කියන නම අහෝසි කරලා, ණය ගැනීමේ ඇමැති කියලා වෙනස් කරමුද?
අපේ ඊළඟ පරම්පරාවත්, උපදින්න ඉන්න පරම්පරාවත් ඉවරයි...!
හුරේ... තව ණයක් අනුමත කරගෙන. අපිනම් හරිම දක්ෂ ජාතියක්.. දැන් අපේ ආඩම්බර ඇමැති මේක ගැන උජාරුවෙන් කියයි. මේ ණය වෙනුවෙන් ලංකාවෙන් දෙන දොළ පිදේනි ටිකත් කියන්න ඇමැතිතුමා... ඔක්සිජන් කන්නද කියලා අහපු මෝඩයන් ඉන්න රජයකින් රටේ දේවල් ටික විකුණනවා කියන්නේ බොහොම සුළු දෙයක්...
ඩොලර් වලට බඩු ගෙන්වාගෙන රුපියල් වලට විකුණලා කවදාවත් ඔය ණය ගෙවන්න බැහැ.