(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා කටාර් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදීගෙන ඇති බවයි.
මෙම මිලදී ගැනීම වෙනුවෙන් පසුගිය මාස දෙකක කාලයේදී ඇමරිකා ඩොලර් 276,650.00 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ විදේශීය මුදල් ගිණුමට ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම නියමිත ඩොලර් වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට සියයට 10ක වට්ටම් දීමනාවක් හිමිව තිබේ.
මෙම නිවාස අළෙවි වී ඇත්තේ පන්නිපිටිය, වීරමාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd