(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ජනතාව තමන්ම " ලොක්ඩවුන් "(අගුලු දැමීම ) විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් ඔහු පැවසුවේය .
ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වූවා පමණක් යැයි පැවසූ ජීවන්දර මහතා මෙහි භයානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේදී බවද සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මක බවද ආචාර්යවරයා කීවේය .
චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙන බවත් මුව ආවරණය තප්පර 5ක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු පැවසුවේය.
මෙම වයිරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට නම් මේ අවස්ථාවේදී දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික ආයතනවලින් වැඩට එන්න කියලා කිව්වාම නොගිහින් ඉන්නේ කොහොමද?
යන්න යන්න දැන් අපි වැකසීන් ගහල ඉන්නෙ
ඩෙල්ටා ඩෙල්ටා කිය කියා ජනතාව අවුසන්නේ නැතිව හදන්නකෝ බෙහෙත්.
69 ලක්ෂය ඉල්ලුවේ අනුගාමිකයින් කීප දෙනෙකුගේ පොඩි සිල්ලර වැඩ කීපයක්... ඉන්නකෝ ඒ ටික කරගන්නකම්...
දැනට ඇති.එකම විසඳුම වන එන්නත් කරණය රජය ඉතා කාර්යක්ෂමව කරගෙන යනවා. කවුරුත් එය ලබා ගත යුතු අතර තම තමන්ගේ ආරක්ෂාව වගකීමක් කොට සැලකිය යුතුයි . රට වහනව කියන එක මාසිකව වැටුප ලබන රජයේ සේවකයින්ට සුළු දෙයක්වුණාට රජයටත් ව්‍යාපාර සහ එදිනෙදා හම්බකරන් කන අයටත් ලොකු අභියෝගයක්
මිනිස්සු සේරම මළාම රටට ම තනි ඔප්පුවක් ලියන්න පුළුවන් වෙයි . අපායත් දිව්‍ය ලෝකයත් දෙකම ෆිල් වෙනවාලු මේ දවස්වල. සංචාරකයෝ මාරයා අරන් එන එක නවත්තල මුලින්ම රට උන්ට වහල රට ස්වයං පෝෂිත කරන්න උත්සාහ කරා නම් රට ඇතුලේ මිනිස්සුන්ට ඕන තරම් පහසුවෙන් ඇවිදින්න තිබ්බා. තමන්ගේ ජොබ් නුත් හිතේ හැටියට කර ගන්න තිබ්බා. තවමත් පරක්කු නැහැ ඒක කරන්න. ඒත් මට පේන්නේ නායකයන්ට හරි තීරණ ගන්න ඉඩ නොදෙන මාර බලවේගයක් හරි අමනුෂ්‍ය බලවේගයක් හරි ක්‍රියාත්මක වෙනවා. මේ වගේ කාල වල එහෙම වෙනවා. විශාලා මහනුවර තුන් බිය එද්දී රෝග නිසා මැරෙන අය වැඩිවෙද්දී අමනුෂ්‍ය යොන් ගේ බලපෑම් නුත් වැඩි උනා. අපිට මේ වෙලාවේ කරන්න තියන එකම දේ හොඳින් සිල් රකින එක . අඩුම තරමින් පන්සිල්. ඒක අපිට උදව් වේවි