(අංජුල මහික වීරරත්න)
ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එක්ලක්ෂ හයදහසක් ජනතාවක් ඒවාට සහභාගී වී තිබෙන බව කී අමාත්‍යවරයා රටෙි කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවද පැවසීය.
ඩෙල්ටා ප්‍රබෙිදය ලංකාවට ඇතුළු වූ බවට නිවේදනය කළ දිනට පසු දින සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව ඉදිරිපිටට 10000 ක සෙනඟක් ගෙනවිත් උද්ඝෝෂණය කළ බව ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මිනිසුන් උසිගන්වා ඩෙල්ටා බෝ කරන්නට මූලික වූ අයම අද ජනතාවට ගෙදරට වී ඉන්නැයි කියන බවද අලුත්ගමගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් උද්ගෝෂණ සඳහා මුලික හේතුන් වූයේ, ඉතා නොසැලකිළිමත් ලෙස ගොවීන් හට පොහොර අහිමි කිරීම, විශ්ව විද්‍යාල පනතක් හිතුවක්කාරී ලෙස සම්මත කිරීමට උත්සහ කිරීම සහ උද්ගෝෂකයින් පිරිසක් බලහත්කාරයෙන් වව්නියාව ප්‍රදේශයේ රඳවා තබා ගැනීම.
ඔව් සර් මැතිවරණ රැස්වීම් කොච්චරක්ම තිබ්බද .....
මුලින්ම වගකියන්න ඕනේ ඔබතුමන්ලාගේ කට්ටිය බව අමතක කරන්න එපා.බැසිල් මහතා කොරෝනා ආසාධිතයන් ගෙනැවිත් හෝටල්වල තියාගෙන ප්‍රතිකාර කළා අමතකයි වගේ .. එතැනින් ව්‍යාප්තවී ගිය වෛරස් තමයි මේ පැතිරෙමින් යන්නේ.දැන් ඒවා අමතක කොට අනුන් පිට වරද පටවා කව්රු කවුරුත් ඇඟ බේරා ගැනීමට යි මේ තටමන්නේ.
ඔය ටික කරලා නැවතුන එක ගැන සතුටු වෙන්න. නැත්නම් ඔය වගේ වෘෂභයෝ කරන වැඩ වලට උද්ඝෝෂණ නෙමෙයි කරන්න ඕන.
කවද්ද කොස්තා එන්නේ ?
මාර කතාවක් මේක කෝඩිඩ ආවේ ආණ්ඩුවෙ නොසැලකිල්ලෙන්නෙ. වරාය ගුවන් තොටුපල තුලින් රටට ? එන අය පරීක්ෂා කරල ඇතුල් කලා නම් ඒනවද ?
මොහු නැවත ඇවිල්ලා .පට්ට හොරා
ඩෙල්ටා ආවා කියලා තමුන්ලා කරපු මහජන විරෝධී අණ පනත් නතරකළා නම් සහ කාබනික පොහොර උන්මාදය ආවේ නැත්නම් මෙම විරෝධතා සැලකිය යුතු ප්‍රමාණයක් අඩුකරගන්න තිබුණා. ඒක නිසා මේකට තමුන්ලාත් හවුල්...
ඇයි අපිට කියන්නේ? අපිද ලොක්ඩවුන් කරන්න ඕනා ඇඳිරි නීතිය දාන්න ඕනා? ලොක්ඩවුන් කලා නම් වර්ජනත් නෑ කොරෝනා පැතිරෙන්නෙත් නෑ. දැන් අපිටයි මෙයාලට ආණ්ඩු කරන හැටි කියලා දෙන්න වෙලා තියෙන්නේ.
රට තුළ ඩෙල්ටා ප්‍රබේදය හඳුනාගෙන තිබිය දීත් පරීක්ෂණ අඩු කිරීම සහ අගෝ. 02 සිට සියළු සේවකයින් සේවය ගෙන්වීමට ගත් උද්දච්ච තීරණ හේතුවෙන් දිනකට මරණ 200 ඉක්මවා සිදු වෙමන් පවතී.
මම හිතුවෙ මොහු මියැදුනා කියලා .
සියලු ගෞරවය පුතාණෝට සහ ඔහුට උම්බෑ කියන අයට...
කවුරු මොනවා කිව්වත් රනිල් මේ වෙලාවේ කළ දුටු කළ වල ඉහගන්න නොගිය එකෙන් ඔහුගේ නායකත්වයේ පරිණතභාවයත්, සජිත්ගේ සහ ජවිපයේ කාලකන්නි ස්වභාවයත් මොනවට ඉස්මතු වී පේනවා...
ජෙප්පෝ උද්ඝෝෂණ පවත්වන ගමන් කියනවා රට වහන්නලු. මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න හොඳ නැහැ..
මිනිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ආණ්ඩුවක් පිස්සු නටන නිසයි මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ. අන්තිමට මිනිසුන්ගේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නැති, වැඩබැරි ආණ්ඩුව තමාගේ වැරැදි වසා ගැනීමට අරයාට මෙයාට ඇඟිලි දික්කරමින් මිනිසුන්ගේ කෝපය, ආණ්ඩුවට එරෙහි විරෝධය තවතව වැඩි කර ගන්නවා.
මහින්දානන්ද මහත්තයෝ කොවිඩ් පොසිටිවූ වෙන හැම කෙනාම උද්ඝෝෂණ වලට සහභාගී වුන අයද කියල හොයල බලලා ද ඔබ තුමා කියන්නේ.
කියන කතාවල ප්‍රතිපල තමා ඔය තියෙන්නේ.
අනිවාර්යයෙන්ම රටේ මිනිස්සු ජේවීපී, සජබ, යුඑන්පි අමනයන්ට ගල් ගසනා කාලය වැඩි ඈතක නොවේ
ඇයි මිනිසුන් රජයට එරෙහිව උද්ඝෝෂණය නොකරන්නේ? මේවාට හේතුවක් වත් දන්නේ නැති මෝඩ මිනිස්සු තමයි ඉන්නේ..
අවුරුදු එකහමාරට කලින් එන්නත් ඔර්ඩර් කරන්න කිව්ව නමුත් මේ පාලකයෝ ඕන නැහැ කිව්වා.
මිනිස්සු උද්ඝෝෂණය කරන්න හේතු හොයන්න ඕනෑ. දැන් මේ අයගේ වැරැදි වහගන්න නිදහසට කරුණු කියනවා..
වියත්මග පෙන්නලා මේ ආණ්ඩුව ඡන්දෙ ගත්තාට තමුන්නාන්සේ වගේ අය මිනිස්සුන්ට විහිළුවක්. ඇමතිගොල්ලන් සහ ඔවුන්ගේ නඩේ ලැජ්ජාව නමැති කොටස ශරීරයෙන් ගලවා ඉවත්කර ඇති නිසා කමක් නැතිවෙයි. සංඛ්‍යාලේඛන දත්ත විශ්ලේ්ෂණය කර පොහොර ගෙන්නන්නේ නෑ කියලා කල් තියා පැහැදිලිව කියන්න තිබුණා. අහිංසක මිනිස්සු බාගෙට වගා කරපු සියල්ල විනාශ වුණා. ඇස් ඇරලා බලන්න පසුගිය දශකවල දේශපාලකයින්ගේ දූ දරුවන්ට හරි ගිහින්ද කියලා. මේ මිනිසුන්ගේ දුක් අඳෝනා තමන් කරා එනවා. ගොවියන්ට මෙහෙම දෙයක් නොවෙන්න, මුහුදත් විනාශ නොවෙන්න උද්ඝෝෂණ රටේ හුඟාක් අඩුවෙන්න තිබ්බා කියලා ටිකිරි මොලවලට කොහේ තේරෙන්නද...?
උද්ගෝෂණ කලාට වතුර බාල්දියක් ගහන්නේ නැතුව උද්ගෝෂණ හෝදලා ඇරිය. කාටද ආඩම්බර?
මට ඩෙල්ටාවන් හතරක් නම් කරවන්න