(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ‘කොවිඩ්’ ආසාදිතයන් අසාධ්‍ය තත්වයට පත්වීමේදී ‘ඩෙල්ටා’ ප්‍රභෝදයට වඩා තවමත් ‘ඇල්ෆා’ ප්‍රභේදය ඉදියෙන් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
‘ඩෙල්ටා’ ප්‍රභේදයේ පිළිබඳව යම් යම් වර්තා කියවුණත් පරීක්‍ෂණ වාර්තා අනුව ‘ඇල්ෆා’ ප්‍රභේදය වැළදුණු ආසාදිතයන් තවමත් දරුණු රෝග තත්වයට වැඩිපුර ගොදුරු වන බව කී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එය එසේ වුවද ‘ඩෙල්ටා’ ප්‍රභේද ‘ඇල්ෆා’ ප්‍රභේදයට වඩා පැතිරීම සියයට 50 කින් වැඩිවීම වැඳගත් කරුණ බවත් සඳහන් කළේය.
‘ඩෙල්ටා’ ප්‍රභේදය එසේ වේගයෙන් පැතිරීමෙන් යම් යම් ප්‍රශ්න තත්වයට පත්වන එනම් වෙනත් රෝග ඇති සහ වයස්ගත පුද්ගලයන්ට වයිරසය ආසාදනය වීම වැඩි වියහැකි බවත් ඉන් වැළකීමට එන්නත් නිසිපරිදි ලබාගෙන තිබීම වඩාත් වැඳගත් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කීය.
රට තුළ එන්නත්කරණ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් තුළ වුවද මියයන පුද්ගලයන් වැඩි පිරිසක් එන්නත ලබාගෙන නොමැති බව වාර්තාවල සඳහන් වන බවත් පැවසූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ කුමන ප්‍රභේදය වැළදෙන්නේ ද යන්න එන්නත ලබාගැනීමට වැඳගත් නොවන බවයි. විශේෂිත වූ ‘කොවිඩ්’ ප්‍රභේදවලට එන්තත් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණ කරමින් සිටින බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොච්චර කාලයක් අඳුරේ අතපත ගාන්න බලාපොරොත්තු වෙනවද ඩොක්ටර්? ඔයගොල්ලොත් පව්... අපිත් පව් නේද?
අද 11.10ට, පහළ මෙම මහත්මයාම කිව්වනේ රට පුරාම ඩෙල්ටා මාරාන්තික සැර කොරොනා ප්‍රභේදය 95.8% ක් කියලා. හවස 3.17ට කියනවා ඇල්ෆා ප්‍රභේදය ඉදිරියෙන් කියලා. පැය 4 න් මෙතරම් වෙනස් වෙනවාද?
මෙතුමා කියලා තියන දේ හරියට තේරුම් ගන්න .මොහු කියන්නේ ඩෙල්ටා වැළඳුන අය 95.8%උනාට ඇල්ෆා වැළඳුන අයට රෝග තත්වය දරුණු වෙන බවයි
ඔය කියන්නේ තව අවුරුදු 2ක 3ක් කොරෝනා බොරුව ඇදගෙන යන්න පුළුවන් කියන එකනේ .ජයවේවා