
නිරෝධායන නීති උල්ලංඝනය කළ 95දෙනෙකු අද (17) ඩ්‍රෝන කැමරා උපයෝගීකරගනිමින් කළ නිරීක්ෂණ ඔස්සේ ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොටහේන, කෙසෙල්වත්ත, වත්තල සහ ජාඇල යන පොලිස් වසම්වල අද උදෑසන කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කොටහේනෙන් 29දෙනෙකු, කෙසෙල්වත්තෙන් 21දෙනෙකු, වත්තලින් 19දෙනෙකු සහ ජාඇළින් 26දෙනෙකු වශයෙනි.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩන පිරිස සොයා, ඩ්‍රෝන කැමරා යොදාගනිමින් තවදුරටත් මෙම මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලිකොප්ටර් වලින් එහෙ මෙහෙ යන අය මේවාට අහුවෙන්නේ නැද්ද අප්පා? පාන්ශු කූලෙකට හතර නමයි.. ඒ වුණාට අවුරුද්දක් පිරෙන එක සමරන්න 500 නමයි. මේවා ලියල පොලිසි යන්න වෙයිද දන්නෙත් නැහැ.
මිනිස්සුන්ව නිරෝධායනය කරලා බෝඩ් ගහලා සියල්ලන්ම පිටවෙලා යනවා. ඒ මිනිසුන් කන්නේ කොහොමද කියලාවත් සොයා බලන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිසුන් කන්න බොන්න මොනවාහරි ගේන්න යනවා. උඩින් බලා අල්ලන්න යොදවන මුදල් වැය කොට ඒ මිනිසුන්ට කන්න බොන්න ලබා දෙන්න. කළයුතු වන්නේ එයයි. ඒ දේ නොකොට බඩගින්නේ ඉන්න අසරණයන්ට තවත් ගින්දර තමයි ලැබෙන්නේ. කාට කියමුද මේ අවනඩුව...?