
(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයට විදේශ ගතවීමට අද (15) අවසර දුන්නේය.
තම සේවාදායිකාවට සිංගප්පූරුවේ සහ යුරෝපයේ සංචාරයක් සඳහා ආරාධනා ලැබී ඇති බැවින් තහනම් කර ඇති විදෙස් ගමන් තහනම දින පහක් සඳහා ලිහිල් කර දෙන ලෙසට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
ඒ අනුව ලබන දෙසැම්බර් මස 21 වෙනිදා සිට 23 වැනි දා දක්වා ත් 28 වැනි දා සිට දින තුනක් ඉදිරියට ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට අධිකරණය ආගමන විගමන පාලකවරයා වෙත නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බාව දියට දාලා වගේ...
ඒ යන්නෙත් හොර පාස්පෝට් එකෙන්ද..?
එහෙනම් දැන් ඕමාන්වලට යන්න පුළුවන්... !
ඔන්න දැන් ආගමන විගමන නිලධාරීන් අඤ්ඤ කොරොස් වෙන තැන. මෙච්චර ප්‍රශ්න තියන පුද්ගලයෙක් කොහොමද ජාත්‍යන්තර ගුවන් තොටුපලකින් මුදා හරින්නේ... මෙයා ගුවන්ගත වෙන්න යන පාස්පෝට් එක මොකක්ද? ගොඩ බසින ගුවන් තොටුපල මෙයාගේ බලපත්‍රය පිළිගන්නවාද? කීයක් ඔට්ටුද මෙයාට වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ට වෙච්චි දේ. එංගලන්තයට ගහින් ඉන්නවා නම් බොරු. දැනටමත් ආගමනය අංශයට දැනුම් දීලා ඇති. ඩුබායි ගිහින් හැංගිලා ඉන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා කර ඇති බව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය විසින් සඳහන් කර ඇත. ඇයගේ මෙම සොයා ගැනීම, පුදුම සොයා ගැනිමක්! පුදුම පර්යේෂණයක්! අපට ද දැන ගැනීම පිණිස, ත්‍රිපිටකයේ හෝ අටුවාවක හෝ ටීකාවක හෝ ථේරවාදී ශාසන ඉතිහාසය පිළිබඳව ලියා ඇති ගතක හෝ තථාගත සම්බුදු රදුන් කංසා ඖෂධයක් වශයෙන් පාවිච්චි කළ බවට සඳහන් කර ඇති තැනක් නැති බැවින් එසේ සඳහන් කර ඇති තැන පෙන්වන්න! (වෛද්‍ය නිර්දේශයට අනුව කංසා සංයෝග වූ ඖෂධය, අසනීපයකට ප්‍රතිකාර වශයෙන් බුදු විනයට අනුව කැපය. ) පහත තථාගත දේශනාව ද අධ්‍යනය කිරීම ද වැදගත්; පුරිසස‍්ස හි ජාතස‍්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්‍දති අත‍්තානං බාලො දුබ‍්භාසිතං භණං. යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති (අඞ්ගුත්තර නිකාය දසක නිපාත, ථේර වරගය, කෝකලික සුත්ත) "නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත." “යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳ