(රන්ජන් කටුගම්පොළ)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත
පසුගිය නොවැම්බර් 5 වැනි දින මීමැස්සෝ නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අදාල නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන එන මං නැතිව අනාතවෙලා හිටිය නාගානන්දට එල්ලෙන්න වැලක් අහුවෙලා ඩයනගේ යට සායේ තිබිලා, මහ ප්‍රජාත්‍රන්ත්‍රවාදියෙක්, දේශප්‍රේමියෙක් වගේ ලෝකයට රඟන්න හැදුව නාගානන්ද අද අමු හෙළුවෙන් රනිල් රාජපක්ෂට කඩේ යනවා.
මේ මනුස්සයා තාම ලංකාවේ ඉන්නවාද? ජනාධිපතිවරණයේදීී කරපු දේ කට්ටිය දන්නෙ නැතිව ඇති...
මෙයාගේ වැඩේ කාට හරි කඩේ යන එක. කොහාට හරි මුක්කු ගහන්න හිතුනා ම රෙදි නැතුව යන්නේ.
නාගානන්ද ජරා සතෙක් වුනේ කොහොමද බo ඩයනා වෙනුවෙන් නාගානන්ද. කොහොමද ඒක.
අපහාස කරන්න වටින තැනක් .අනේ මේ වැඩක් නැතිනම් ආපහු හිටපු රටටම යනවා පව් දෙන්නේ නැතුව .අභියාචනාධිකරණයේ වැඩ අපි හොඳට දැක්කා පහුගිය දවස්වල
මේ මිනිහාටත් අපි රැවටෙන්න ගියානේ... බලද්දි කඩේ යන්නනේ ඇවිත් ඉන්නේ ඒකත් ඩයනාට.... එකම රටේ හින්දා වෙන්නැති...!