(නිමන්ති රණසිංහ)
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලියකියැවිලි බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් ගෙන්වාගෙන විමර්ශන කඩිනම් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය.
බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් මෙම වාර්ථා කැඳවීමේදී අධිකරණ අමාත්‍යාංශය මගින් ගෙන්වා ගැනීමටද අධිකරණය අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
සමගි ජන බලවේගය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් සිටින මෙම තැනැත්තිය බි්‍රතාන්‍ය පුරවැසියෙකුව සිට මෙරට නිත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටින බැවින් ඇය වහාම අත්අංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.
2025 දෙසැම්බර් මස 18
179
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනාගේ ගුවන් ගමන් බලපත් තොරතුරුවල කඩිනම් වාර්තාවක් දෙන්න
Nimesh Thursday, 05 January 2023 11:08 PM
මෙයාවත් සි අයි ඩී එකෙන් ගෙදරට ඇවිල්ල අරන් යන්නේ නැත්ද ? අන්තර්ජාලයේ මෙයාගේ හිටපු රටේ පාස්පෝර්ට් වල පින්තුර පවා තියනව