(රංජන් කස්තුරි)
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
එම වාහන හතර භාර දෙන්නැයි සංචාරක අමාත්‍යංශය ඉකුත් අටවෙනිදා ඩයනා ගමගේ මහත්මියට දන්වා ඇතත් ඇය එම වාහන පාර නොදීමගහරිමින් සිටින බවද ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැප් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් සහ නිසාන් වර්ගයේ මෝටර් රථයක් ඩයනා ගමගේ මහත්මිය මෙතෙක් භාර දී නැති ඒවා බව පැවැසේ
මේ අතර ඩබල් කැබ් රථය රථය ඉකුද්දා අනතුරකට ලක්ව ඇති අතර එය මේ වන විට කුරුණෑගල පොලිසියේ රඳවාගෙන තිබෙන බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර දෙන්න කියල විතරක් බලාගෙන ඉන්නේ ගිහින් එම වාහන පවරා ගන්න අමාරුද?
ඇයි අමාත්‍යාංශයේ ලේකම් බබාද ? එයා දන්නේ නැද්ද වාහන බාර දූන්නේ නැත්නම් කරන්න ඕනා මොනවද කියලා. මෙතන වැරැද්ද වෙලා තියෙන්නේ දේශපාලකයන්ගේ අමන තක්කඩි හැසිරීම විතරක් නොවේ රාජ්‍ය නිලධාරීන්ගේ නිවට නෝන්ජල් හැසිරීමත් මේ වගේ දේවල් වෙන්න හේතු වෙනවා.
ලංකාව බේරගන්න එංගලන්තෙන් ආවේ ඕවා ඉතින් එංගලන්තේ ලැබෙන්නේ නැහැ නේ
මීට කළින් වාහන 3ක් භාර දුන්නාලු. එතකොට ලංකාවේ රාජ්‍ය ඇමති කෙනෙක්ට නිල වාහන 7 ක්... රටේ කොපමණක් ජනතාව තමන්ගෙ දෛනික කටයුතු වලට බස් එකක් නැතිව මහ මග වරු ගණන් රස්තියාදු වෙනවද? රටේ බත් කන හරක් ඉන්නතාක්කල් 226ටම දිව්‍ය ලෝක සැප සම්පත් මෙලොවදීම විඳලා ස්වර්ගස්ථ වෙන විදිහට තමයි මේ ක්‍රමය හදල තියෙන්නෙ !!!
අපොයි ඒවා තියාගත්තේ ත්‍රෛයිලෝක විජේපත්‍ර ගැන හොයන්නනේ .අනුමත ප්‍රමාණයට වඩා වාහන නිකුත් කලේ කාගේ උවමනාවටද ?
අයි පොලිසිය ගිහිල්ලා ආවේ අරගන්නේ නැත්තේ.. පොඩි මිනිහෙක්ගේ ඒ 4 සිටි එක ගෙදර තියාගත්තාම කොහොමද පොලිසියෙන් හැසිරෙන්නේ...
ගසා කෑමේ තරම හොඳින් පේනවා...
තුනක් බාර දීලා 4 ක් තියාගන්න... ඔක්කෝම 7 යි තව දීපය මේ වගේ ඉතිරි වෙලා ඉන්න එවුන්ට ඡන්දේ
කෝමේ 88/89 විතරක් හොයන,ඊයෙ පෙරේද ඒව නොපෙනෙන කුහක දේශපාලන අන්ධයො? හැබැයි ලාල්කාන්ත මන්ත්‍රී නිවාසයක ඉන්නව කියල පාරින්පාර කියවන අයත් ඉන්නව ඒ අයගෙන් අහන්නෙ ලාල්කාන්තට විරුද්ධ පියවර ගන්න බැරි ආණ්ඩු මොකටද කියල.
කවුරු හරි ලොක්කෙකුගේ සපෝර්ට් එකක් ඇති...
ඩයනා, ඔය යකඩ ගොඩවල් ආපහු බාර දීල සජබෙ සුජිත් සහ රෝහණව ගෙදර තියා ගන්න.
වීසා නැතිව හොරෙන් ඉන්න විදේශිකයෙකුට රජයේ වාහන ලබාදීම සහ ඒවාට යන ඉන්ධන ඇතුළු වියදම් අනුමත කිරීම කරන නිලධාරීන්ගෙන් එව්වා ආපහු අයකර ගත යුතුයි.
මේවා අහිමි වෙනවා කියන්නේ ඉතින් මොවුන්ට දරාගන්න බැහැ.. සේරම තක්කඩි හැත්ත.. මොවුන්ගේ ගෑනුත් එකයි, පිරිමිත් එකයි.. මෙයාව හිරේ දාන්න ඕනෑ රටම ඇන්දුවාට...
රජය සතු දේපළ, ආපසු රජයට භාර නොදී බලහත්කාරයෙන් තබාගැනීම ගැන අධිකරණයට පැමිණිලි කිරීමට කවුරුවත් මේ රටේ නැද්ද?
ලේකම් බනානා ?