
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඩුබායි රටේ සැඟව සිටින චමියා ගේ ගෝලයන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ කඩු දෙකක් , මන්න පිහි හතරක් මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් අපරාධ සඳහා භාවිතා කළ බවට සැකකරන තී රෝද රථයක් හා යතුරුපැදියක් , මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් මස 16 වැනි දින සහ ඊයේ දින උදෑසන නවගමුව පොලිස් වසමේ සමගි මාවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාතාල කල්ලි සාමාජිකයන් සඳහා ඩුබායි රටේ සැඟව සිටින චමියා නමැත්තා මුදල් ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සැකකරුවන් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි චමියාගේ ගෝලයො හතරක් මාට්ටු