(කාංචන කුමාර ආරියදාස)
ඩුබායිහි රැඳවුම් කඳවුරක කාමරයක් තුළ ලාංකික කතුන් අසූ පස් දෙනකු කාමරයක දමා සිර කරගෙන සිටින බව එම කාමරයේ අනෙක විධ දුක් කම්කටලු මැද දියවියනට පැමිණි කාන්තාවක හෙළි කළාය.
දඹුල්ලේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය දඹුලු ඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී නමැති එම කාන්තාවක ඩුබායි හි රැදවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට ඉකුත් දා මෙරටට පැමිණියාය.
තමා අත්විඳි එම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදෙශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලීසියට මෙන්ම විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්න ද මෙතෙක් කිසිදු සාධාරණයක් සිදුවී නැති බව පවසන්නීය,
දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප්‍රියන්ති මහත්මියද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳව ද හෙළිදරව් කළාය.
මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කදවුර සිර කරගෙන සිටියදී තම දුවා දරුවන් විශාලම මුදලක් ණයවී තමා මෙරටට ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී සඳහන් කර සිටියා ය,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒජන්සි කාරයින් ඩුබායිවල ඉන්න පොඩි ආයතන එක්ක එකතුවෙලත් සේවයට ගෙන්වාගෙන මාස 2න් 3න් සේවයෙන් නෙරපනවා...
දැන් ඔය දේවල් කරන්නේ ඒ රටේ අයද? එහෙම නැත්නම්, අපේ මේ ලෝකෙන් උතුම් ධර්මද්ධීපයෙන් ඒ රටට ගොස් සිටින ඔබගේම රට ජාතිය නියෝජනය කරන දැහැමි, දේශප්‍රේමී, අවුරුදු දෙදහස් පන්සියයක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ඔබගේම වර්ගයාද? තමන්ගේ වර්ගයේ කකුල් දෙකේ සත්තු ගැන ඇත්ත ඇහෙද්දී වලිග උස්සන නිසා එක අතකට ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. මොනා උනත් ලංකාව අතුලේ අපි ලෝකෙටම ලොක්කොනේ..
මෙහි ඔය කියන කඳවුරු නම් නැහැ. හැමෝම හොඳින් ඉන්නව. රැකියාවලට ගෙනැවිත් අතරමං කළ අය නම් හමුවෙනවා. මෙවැනි අයට උදව් කරන ආයතනත් ඕනෑ තරම් තියනවා සහ අනෙක් එක මෙමෙ අතරම් කිරීම කරන්නේ ලංකාවෙම අය මුදල් සොයන්න. ඩුබායි රටේ ලියාපදිංචි ආයතනයකින් හැර වෙනත් ආයතනවලට රැකියා සොය දෙන්න බැහැ. සොරුන්ට අහුනොවන්.
ඔය කියන කාමරය ඇති ස්ථානය දන්නවද? අදම පියවර ගන්න පුළුන්. මෙහි ස්වාධීන පොලීසියක් තිබෙනවා. නීතිය අකුරටම සමාදානෙටම ක්‍රියාත්මක වෙනවා.
ව්‍යාපාරිකයින්ගෙන් හෝ වි.සේ.නි. කාර්ය්‍යාංශයෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන්න එපා..! අපේ රටේ අම්මලා , සහෝදරියන් ගෘහ සේවයට යන්න එපා. විදේශ ගත වෙන්න ඕනම නම් කුමක් හෝ පුහුණු රැකියාවකට යන්න. ගෘහ සේවක රැකියාවෙන් ඔබත් බාල්දු වී, රටත් බාල්දු වී, අනේක විදිහේ දුක් විඳ චරිතයද කෙලෙසගෙනයි නතර වෙන්නේ...
මේ රටට නීත්‍යානුකූලව එක කිසි කෙනෙක් බයවෙන්නේ නැතුව එන්න පුළුවන්. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි හරි ඒජන්සියකින් එන්න. කම්කරු අයිතිවාසිකම් රකින ගොඩක් හොඳ රටක්. විශේෂයෙන්ම අනික් මැදපෙරදිග රටවල් එක්ක බැලුවාම හැම දෙයක්ම යුරෝපා රටකට සමාන විදිහට තමයි තියෙන්නේ...