(ගයාන් සූරියආරච්චිසහ රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර එම ගොඩනැගිල්ලේ විවේක කාමරයේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ල කෑ බව කියන එම ඩිපෝවේම මුදල් අයකැමි, රියැදුරකු ඇතුළු තිදෙනෙක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල නෙළුම්වැව, වැලිගෙපොළ සහ මහව ප්‍රදේශවල පදිංචි 55,33 සහ 40 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඒ. යෝගනාදන් නැමැති 85 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
මෙම ඝාතනය එම ඩිපෝවේ අයකැමි සැලසුම් කර තිබූ අතර සිද්ධිය වූ දින රාත්‍රියේ අයකැමිගේ ප්‍රධානත්වයෙන් මත්පැන් සාදයක් පවත්වා ඇත. පසුව අනෙක් සියලු දෙනා වෙරි මතින් නින්දා ගත් පසු සැකකාර රියැදුරා විසින් තම මිතුරෙකු වන මහව ඩිපෝව ඇතුළට ගෙන්වා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරුවන් ඩිපෝවේ ආරක්ෂක නිලධාරීව සිටි මියගිය පුද්ගලයා අල්ලා ගැටගැසීමට යාමේදී ඔහු දගලමින් කලබල කිරීමේදී මහව ප්‍ර දේශයේ සැකකරු විසින් තියුණු ආයුධයකින් ආරක්ෂක නිලධාරියාගේ ගෙල ප්‍රදේශය කපා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව සැකකරුවන් විවේක කාමරයේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 10 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබුණි. සැකකරුවෝ නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩිපෝ ආරක්ෂක ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට