IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි

(දමිත් වික්‍රමසේකර)

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන සාර්ථක ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතාට දන්වා සිටි බවත් එහිදී ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දන්වා සිටි බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකිරීම ඇතුළුව අනෙකුත් රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙරට ජනතාවට සහායක් වනු ඇතැයිද හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඩිජිටල් හැඳුනුම්පත හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට සෘජුව මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමගින් මැදිහත්කරුවකුගේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.

ඉන්දියාවේ මිලියන ගණනකට ප්‍රතිලාභ ගෙනදී ඇති ආධාර් කාඩ්පතට ඩිජිටල් හැඳුනුම්පත සමාන වනු ඇති බවත් එමගින් වංචා හා දුෂණ ඇතිවිය හැකි අවස්ථා අවම වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේදී ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන තිබෙන බවත් එය ලෝකයේම පැසසුමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

 

 



අදහස් (4)

ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි

vipula Sunday, 22 December 2024 08:30 PM

මොන අණ්ඩුව ආවත් චීනය හා ඉන්දියාවට තිබෙන ගැතිකම එන්න එන්නම වැඩි වෙනවා.

:       1       1

Asith Sunday, 22 December 2024 09:58 PM

ඔය කරන්න හදන්නේ ලංකාවේ හැම මිනිහගෙම ජීව දත්ත ඉන්දියාවට හොරා ගන්න ඉඩ දෙන එක. එක්ටා ගිවිසුම ගහන එකටත් වඩා, ඉන්දියාවට පාලමක් හදනවාටත් වඩා, ලංකාවේ විදුලි සැපයුම ඉන්දියාවෙන් ගන්නවටත් වඩා මේක අතිශයින් භයානකයි. දැන් ඉතින් කතා කරන්න විපක්ශයකුත් නෑනේ.

:       2       1

වසන්ත Monday, 23 December 2024 07:06 AM

නියම වැඩක්. හැබැයි රට හැදෙනවට තරහ අයට දැං රිදෙයි ඈ. ඔන්න බලන්නකෝ බොරුද කියලා.

:       1       2

දස්තා Monday, 23 December 2024 09:05 AM

අස්වැසුමට පමණක් සීමා නොකර මැද පෙරදිග රටවල වගේ සියළු අංශ ආවරණය වන පරිදි අධ්‍යාපන සෞඛ්‍ය රථ වාහන බදු සහ රාජ්‍ය සේවාවන් සඳහා මුදල් ගෙවීම් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site