
(අමිල චින්තක)
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ.
මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවද එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පැවසීය.
දැනට නම් අතරමග නතර වී ඇති උතුරු නැගෙනන සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම කියා සිටියි.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩග්ලස් ජනපතිට හේත්තු වෙයි
කැලුම් Monday, 04 November 2024 11:40 AM
චන්ද්‍රිකා ජනපතිනි කාලේ ඉදලම මෙයා ඇමති කෙනෙක්. වාසි අතට හෝයියා. හැබයි බලය ලැබුණට පස්සේ ජනතාවට බදු පිට බදු ගහද්දී උතුරේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා.
පිටරටවැසියා Monday, 04 November 2024 11:55 AM
තවත් එක් "සැමදා ඇමති කෙනෙක්"
Asanga Monday, 04 November 2024 11:59 AM
එහෙනම් මෙයත් සදාකල් ඇමැති කෙනෙක්? ජනාධිපති සහෝදරයා සිස්ටම් එක විදිහට වෙනස් වෙලාවත් ද?
රම්බොඩ Monday, 04 November 2024 12:04 PM
නියම කපටියෙක්. තමයි ඩග්ලස් . දැන් මාලිමාවට හේත්තු වෙන්න දඟලනවා . පාර්ලිමේන්තුවේ බහුතරය හම්බ නොවුනොත් මේ මනුස්සයා ඔය අදහස අතහරිනවා. අනුරලා කරන්නෙත් ඔය අනිත් අය කරපු දේශපාලනයම තමයි .
Perera Monday, 04 November 2024 01:37 PM
මුන්ගේ සහාය ගත්තට මාලිමාව ඇතුලටනම් කීයකටවත් ගන්න එපා . මුන් අති භයානක රාජපක්ෂ ත්‍රස්තවාදියෝ
සෙනෙවිරත්න Monday, 04 November 2024 01:51 PM
ඒක එතුමගෙ පක්ෂයෙ තීරණයක් .
අරුණිMonday, 04 November 2024 06:19 PM
එතකොට ඒක පක්ශේ තීරණයක්. හැරෙන හැරෙන පැත්තට කතාකිරීම තමයි ලොකු පොඩි මාලිමා කාගෙන් ක්‍රමය. ඒවාට ප්‍රතිපත්ති කතා නෑ. බලනකොට ගම්මන්පිලගේ කතා හරි. දූශිතයෝ පොලිසියේ ලොකු තැන්වලට එනකොට හරි කියන්නෙත් ඔය ක්‍රෙම්ටම තමයි.
Gunendra Monday, 04 November 2024 03:12 PM
කාටවත් 113 ගන්න බැරි බව මෙයින් පැහැදිලි වනවා නේද?
නලින් Monday, 04 November 2024 04:40 PM
අර තිස්ස අත්තනායකට බහුතරයක් ගන්න පුළුවන් කියලා කියන්නේ...
de silva Monday, 04 November 2024 09:54 PM
තව ටික දිනකින් තොණ්ඩමානුත් මාලිමාවට සපෝර්ට් එක දේවි...!