
(අමිල චින්තක)
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබේ.
මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවද එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පැවසීය.
දැනට නම් අතරමග නතර වී ඇති උතුරු නැගෙනන සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් හෙතෙම කියා සිටියි.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා ජනපතිනි කාලේ ඉදලම මෙයා ඇමති කෙනෙක්. වාසි අතට හෝයියා. හැබයි බලය ලැබුණට පස්සේ ජනතාවට බදු පිට බදු ගහද්දී උතුරේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා.
තවත් එක් "සැමදා ඇමති කෙනෙක්"
එහෙනම් මෙයත් සදාකල් ඇමැති කෙනෙක්? ජනාධිපති සහෝදරයා සිස්ටම් එක විදිහට වෙනස් වෙලාවත් ද?
නියම කපටියෙක්. තමයි ඩග්ලස් . දැන් මාලිමාවට හේත්තු වෙන්න දඟලනවා . පාර්ලිමේන්තුවේ බහුතරය හම්බ නොවුනොත් මේ මනුස්සයා ඔය අදහස අතහරිනවා. අනුරලා කරන්නෙත් ඔය අනිත් අය කරපු දේශපාලනයම තමයි .
මුන්ගේ සහාය ගත්තට මාලිමාව ඇතුලටනම් කීයකටවත් ගන්න එපා . මුන් අති භයානක රාජපක්ෂ ත්‍රස්තවාදියෝ
ඒක එතුමගෙ පක්ෂයෙ තීරණයක් .
කාටවත් 113 ගන්න බැරි බව මෙයින් පැහැදිලි වනවා නේද?
තව ටික දිනකින් තොණ්ඩමානුත් මාලිමාවට සපෝර්ට් එක දේවි...!