
(යොහාන් භාසුර)
මෙම දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම මස පළමු දින 11 තුළ පමණක් රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් 3,200 ක් පමණ වාර්තා වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි රෝගීන් ද, කොළඹ, කළුතර, සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් එම ඒකකය කියයි.
නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 ක් පමණක් හඳුනාගත් බව කී ජාතික ඩෙංගු මර්දන ඒකකය වර්ෂාව දිගටම පැවතුණ හොත් මෙම මස තුළ එම සංඛ්‍යාව ඉක්මවීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd